Get the Medicine Delivered to your Home by Sending your Prescription via Whatsapp

Search

In Stock

POSTINOR – 2

An emergency contraceptive pill to be taken within 72 hours of unprotected sexual intercourse - failure or incorrect use of a regular contraceptive, after rape or incest. You can either take both the tablets together or take one tablet and take the other one 12 hours later. Efficacy depends on the time of consumption. If taken early the effectiveness is definitely more. Does not cause an abortion and should not be used as a regular contraceptive method.

Rs. 295.00

  • සැලසුම් නොකළ ගර්භනීභාවය වළක්වයි
  • දැරිය හැකි මුදලකට ලබාගත හැකිය
  • බහුලව පවතී
  • ආරක්‍ෂා සහිතය

 

හදිසි අවස්ථාවකදී ගන්නා පෙති ගැනීමෙන් පසු තමාගේ ඔසප්වීම ප්‍රමාද වුවහොත් ?

සාමාන්‍යයෙන් මෙම පෙති ගැනීමෙන් පසු තම ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකිය. රුධිර වහනය නියමිත දිනට පෙර හෝ පසුව සෑදිය හැකිය. දින 10කට වඩා පසු වුවහොත් තමා ගැබ්ගෙන ඇත්දැයි මූත්‍ර පරීක‍ෂණයක් කර බලන්න (මෙම ක්‍රමය 100%ක් සාර්ථක නොවේ).

 

අන්තර් ගර්භාෂිත තැන්පතුව – ලූපය

  • අනාරක්‍ෂිත එක්වීමකින් දින 5 ක් ඇතුළත දැමිය හැකිය.
  • 99% සාර්ථකය
  • විවාහක දිගුකාලීන පවුල් සැලසුමක් අවශ්‍ය කාන්තාවන්ට සුදුසුය.

 

මෙම පෙති භාවිත කළ යුත්තේ කුමන අවස්ථාවලදී ද?

  • වෙනත් පවුල් සංවිධාන ක්‍රමයක් භාවිත නොකරන විට
  • භාවිත කරන පවුල් සැලසුම් ක්‍රමය අසාර්ථක වී යැයි සැකයක් පවතින විට
  • කොන්ඩමය සිදුරුවීම, ගැලවීයාම හෝ වැරදි භාවිතය
  • අසාර්ථක වූ බාධකසංවිස ක්‍රමය
  • ආරක්‍ෂිත කාල සීමාව වැරදි ලෙස ගණනය කළ අවස්ථාවක
  • ගර්භාෂය තුල තැන්පත් කරන ලූපය ඉවතට පැමිණි මොහොතක
  • ලිංගික අතවරයකට හෝ දූෂණයට ලක් වූ අවස්ථාවක

 

අනාරක්‍ෂිත එක්වීමකින් පසුව භාවිත කළ හැකි ක්‍රම සම්බන්ධයෙන් ඔබ දැනගතයුතු දේ

  1. සැලසුම් නොකළ/ අනපේක‍ෂිත ගර්භනීභාවය වැළැක්වීම සඳහා කාන්තාවන් විසින් භාවිත කරනු ලබන ක්‍රමවේදයන්
  2. මේ සඳහා භාවිත කළ හැකි ක්‍රම
    • හදිසි අවස්ථාවකදී ගන්නා පෙති – ECP
    • අන්තර් ගර්භාෂ උපත් පාලන යෙදුම – IUD

 

හදිසි අවස්ථාවකදී ගන්නා පවුල් සැලසුම් පෙති – ECP

  • ප්‍රොජෙස්ටරෝන් හෝ ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් සංයෝජනයක් අඩංගු වේ.
  • අනාරක්‍ෂිත එක්වීමකින් පැය 72 (දින 03 ) ක් ඇතුළත ගත යුතුය.
  • පෙති, වර්ග දෙකකින් පවතී.

ප්‍රොජෙස්ටරෝන් – පමණක් අඩංගු පෙති (පොස්ටිනෝ – 2 සහ 1)
ඒකාබද්ධ පෙත්ත (මිතුරි)

 

පවුල් සැලසුම් පෙති ක්‍රියා කරන්නේ කෙසේද?

  • ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිදහස් කිරීම වළක්වයි
  • ගබ්සාවක් ඇති නොකරයි.

 

හදිසි අවස්ථාවකදී ගන්නා පවුල් සැලසුම් පෙති භාවිත කරන්නේ කෙසේද?

  • පොස්ටිනෝ – 2 – අනාරක්‍ෂිත ලිංගික සංසර්ගයෙන් පැය 72 ක් ඇතුළත පෙති දෙකම එකවර ගන්න..
  • මිතුරි – හැකි ඉක්මණින් සක්‍රීය පෙති 04 ක් ගෙන තවත් පෙති 04ක් පළමු මාත්‍රාව ගැනීමෙන් පැය 12 කට පසු භාවිත කරන්න. අනාරක්‍ෂිත ලිංගික සංසර්ගයෙන් පැය 72ක් ඇතුළත මාත්‍රා දෙකම භාවිත කළ යුතුය.
  • පැය 24ක් ඇතුළත ලබා ගන්නේ නම්, අසාර්ථකවීමේ අනුපාතිකය අවම වේ.
  • ඖෂධය ගැනීමෙන් පැය 02 ක් ඇතුළත වමනය සිදුවුවහොත් මාත්‍රාව නැවත ගන්න (වමනය සිදුවූයේ පැය 02 කට පසුව නම්, පෙති නැවත ගැනීම අවශ්‍ය නොවේ).
  • වමනය අවම කිරීමට, කිරි වීදුරුවක් පානය කිරීමෙන් පසු පෙති ගිලින්න.
  • ඔසප් චක්‍රය ඇතුළත ඕනෑම වේලාවක භාවිත කළ හැකිය.

 

පෙති භාවිත කිරීමෙන් ඇති වාසි මොනවාද?

  1. සැලසුම් නොකළ ගර්භනීභාවයක් වළක්වයි.
  2. සාර්ථකත්වය
    • පෙති නිසියාකාරව භාවිත කරන කාන්තාවන් අතර 98% ක සාර්ථකත්වයක් පවතී.
  3. මව්කිරි දීම
    • කිරි දෙන මව්වරුන් සඳහා ආරක්‍ෂා සහිතය.
  4. බහුලතාව
    • දිවයින පුරා පිහිටි ඔසුහල් වලින් ලබා ගත හැකිය.

 

පෙති භාවිත කිරීමේ කවර හෝ අවාසි සහගත තත්ත්වයන් තිබේද?

  • පවුල් සංවිධාන ක්‍රමයක් වශයෙන් භාවිත නොකළ යුතුය.
  • ඔබ ගැබ් ගෙන ඇත්නම්, භාවිත නොකළ යුතුය.
  • ලිංගික සම්ප්‍රේෂණය වන ආසාදන වලින් ඔබව ආරක‍ෂා නොකරයි.

 

අතුරු ආබාධ

  • කෑම අරුචිය හා වමනය
  • ඔසප් චක්‍රයේ අක්‍රමවත් ලෙස ලේ වහනය වීම
  • පියයුරුවල වේදනාව (ස්පර්ශයේදී)
  • හිසරදය
  • ඔසප්වීම ඉක්මන්වීම හෝ ප්‍රමාද වීම

Reviews

There are no reviews yet.

Write a review

Your email address will not be published. Required fields are marked *

Product has been added to your cart