- ආරක්‍ෂා සහිතය
- සාර්ථක ප්‍රතිඵල අත්කර දෙයි
- දැරිය හැකි මුදලකට ලබාගත හැකිය
- හෝමෝන කිසිවක් අඩංගු නොවේ
- ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සහ එච්. අයි. වී. /ඒඩ්ස් වලින් ආරක්‍ෂා කරයි
කොන්ඩම් කැඩීයාමට හෝ ගැලවීයාමට තුඩුදෙන සාධක
- නියපොතුවලින් ඇසුරුම ඉරීම.
- දිගුවේලාවක් තුළ හෝ දැඩි ලෙස ලිංගික සංසර්ගයේ යෙදීම.
- කුඩා පුඩුවක් වැනි කොටස තුළට වායු බුබුළු ඇතුල්වීම.
- කොන්ඩම් නිසියාකාරව ගබඩාකර නොතිබීම.
- තත්ත්වයෙන් බාල කොන්ඩම් වීම.
පුරුෂ කොන්ඩම් පිළිබඳ මිත්‍යා මත
ලිංගික සංසර්ගය තුළදී කොන්ඩම් පුපුරා යා හැකිය
නැත – කොන්ඩම් නිසි ලෙස පැළඳ ගතහොත් පුපුරා නොයයි.
කොන්ඩම් ශිෂ්ණයට ගැළපෙන ලෙස නොමැත
නැත – කොන්ඩම් නිදහස් මිනුමකින් (free size) නිපදවෙන නිසා එය ඕනෑම ශිෂ්ණයකට හොඳින් ගැලපෙයි.
කොන්ඩම් ලිංගිකව සම්ප්‍රේෂණයවන ආසාදන වලින් ඔබව ආරක්‍ෂා නොකරයි
නැත – එය එච්. අයි. වී. ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණයවන ආසාදනවලින් ඔබව ආරක්‍ෂා කරයි.
ලිංගික සංසර්ගය තුළදී කොන්ඩම් ගැලවී යයි
නැත හොඳින් පැළැඳගතහොත් කොන්ඩමය ගැලවී නොයයි.
කොන්ඩම් සංසර්ගය තුළදී වින්දනය අඩු කරයි
නැත – ආදරය කිරීමේ සතුටට කොන්ඩමයෙහි බලපෑමක් නැත.
පුරුෂ කොන්ඩම් භාවිත කළ හැකි පුද්ගලයන් කවුද?
පළමු දරු උපත පමා කිරීමට, දරුවන් අතර පරතරයක් තබාගැනීමට හා අවදානම් ලිංගික හැසිරීම් සහිත පුද්ගලයන් සඳහා කොන්ඩම් පූර්ණ පවුල් සැලසුම් ක්‍රමයකි.
පුරුෂ කොන්ඩම් පිළිබඳ ඔබ දැනගතයුතු දේ
- පුරුෂ කොන්ඩම් යනු සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයකි.
- ප්‍රාණවත් වූ ශිෂ්ණයට ගැලපෙන රබර් වලින් සෑදූ කොපුවකි.
පුරුෂ කොන්ඩම් ක්‍රියාකරන්නේ කෙසේද?
- එය බාධකයක් ලෙස ක්‍රියාකොට ස්ත්‍රි යෝනි මාර්ගයට ශුක්‍රාණු ඇතුල්වීම වළක්වයි



















Reviews
There are no reviews yet.